ඔබ මගේම නම් මා ඔබේම නම්
ඇයි ඈතින් ඉදන් ඔය තරම්
දුකයි රත්තරන් ඔබ නෑ ළග ඉතින්
එන්නේ කවදා දෝ මා සොයන්
හිදින්නම් ප්‍රියේ මග බලන්
විගසින් එන්න මගේ රත්තරන්
ඈතින් නොපෙනී ඉන්නා ඔබ මට
නෙතින් දකින්නට ආසයි සැම විට
නොපෙනී ඉන්නට එපා තවත් ඔබ
පෑරෙයි මගෙ සිත සත්තයි සැම දින
ඔබේ කියා මා උන්නා ඒ කළ
අද නෑ මා ළග ඈතයි නුඹ මට
හමු වූ මුල් වර නාදුනනා ඔබ
සිනා වෙලා මට පෑ ඒ සෙනෙහස
වදන් නොකීවත් නෙතින් කියූ දෙය
මතකයි තාමත් රත්තරනෙ මට
කියන්න බෝ දේ තිබුනත් සිත තුල
කෙලෙස කියන්නද අෑතයි නුඹ මට
No comments:
Post a Comment