පෙර දිනක මා සමග
දෑත් පටලා ගෙවූ එම
අතීතය යළි නො ඒ ද.........
සරසවි මාවතට පැමිණ
මා තැවෙන හැම
නුඔ මා ළගින් හිද
යනු කිමද මා නැතිව..........
සබැදියේ මතක ද නුඔට
මා තැවෙන හැම විටම
නුඔ මා ළගින් හිද
සැනසූ ඒ මගෙ හිත.............
තනිකොට මා සරසවියේ
මරණයේ සෙවනැල්ලක රැ
සුසුමකට අත වනනු
කෙසේ මා ඉවසම් ද.............
සොදුරියේ නුඔ සියලු
සිහිනයම ජය ගන්න
ගන්න දිරි මගේ දෑතේ
සුව වෙන්න පෙර සේම.............
No comments:
Post a Comment