Friday, July 27, 2018

ජන මාධ්‍යය

නූතන ජන මාධ්‍යයේ කාර්යය කුමක් විය යුතු ද?          
     




පැහැබර අහසින් ද මුදු මද පවනින් ද පරිසරය මුසපත් ය. ඈත අහසේ නිල් වලාවෝ පාවී යති. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යයි. මේ අතර වනචාරී ජීවිතයක් ගත කරන මානවයා සරල සුගම දිවියක් ගත කරයි. මෙකී ගත කරන්නාවූ එකී ජීවිතය වූ  කලී ඉතා සරලයි. මෙසේ වනචාරී දිවියක් ගත කරන මානවයා ක්‍රමයෙන් පරිණාමය වෙමින් දඩමස් වෙනුවට පිළිස්සූ මාංශ ආහාරයට ගනී. නිරුවත් ශරීරය සත්ත්ව හමින් ආවරණය කර ගනියි. ගින්දර සොයා ගනී. මේ ආකාරයට ක්‍රමයෙන් පරිණාමය වන මානවයා මව් කුසින් මෙලොව එළිය දකින්නේ උපන් මොහොතේම ඔබ මොබ දුව පැන ඇවිදින වසු පැටවකු මෙන් නොවේ. මේ අතර  මෙලොව එළිය දකින ළදරුවා  "අ"  යන්න  "ආ"   යන්න  යයි මුමුණන්නේ මානවයාගේ අවසාන අභිප්‍රාය වන ජීවත් වීමේ අයිතියට මගක් සොයමිනි. ඒ දෙමව්පියන්ගෙන් ලද  ගුරුහරුකම් වලිනි. ක්‍රමයෙන් සමාජානුයෝජනය වන කිරිකැටි ළදරුවා අවට පරිසරයෙන් ද ඉන් පසු  පාසලට පා තබන්නේ දැනුම නැමැති සාගරයේ කිමිදෙන්නටය. එයින් නොනැවතී ඔහු රට, ලෝකය, විශ්වය, පිළිබද ගවේෂණය කරනු ලබන්නේ දැනුම නැමැති සාගරයේ තක්ෂිලාවක් බදු වූ ජන මාධ්‍යය වෙතයි. 
                           
                නවීන ලෝකයේ  අද්‍යතන සමාජ සිදුවීම් පිළිබදව දැනගැනීමට මහත් උපකාරයක්  ජන මාධ්‍ය තුළින් සිදු කරනු ලබයි. විශේෂයෙන් ජන මාධ්‍ය වූ කලී අපට රූපවාහිනිය,  ගුවන් විදුලිය,  පුවත්පත්,  ලෙස නම් කළ හැකිය. මෙහි දී මෙම සේවාවන් තුළින් සිදු වන සේවය අතිමහත්ය. දැනුම විනෝදය කැටි  කරගත් ජන මාධ්‍ය රසාස්වාදය එක් කරනු ලබන්නේ එහි ඇති වටිනාකම දැක්වීමක් ලෙසය. නූතන සමාජයේ සෑම නිවසකම නැතුවම බැරි උපකරණයක් ලෙස රූපවාහිනිය පත්ව තිබේ. එය වූ කලී වැදගත් සාධකයකි. දැනුම ලබා ගැනීමට රටේ ලෝකයේ සිදු වන සෑම සිදුවීමක්ම එසැණින් සමීපයට පමුණු වන නිසා අද එය මහත් සේ  ප්‍රයෝජනවත්  වී තිබේ. දැනුම, ආකල්ප, කුසලතා වර්ධනයෙහිලා ජන මාධ්‍ය තුළින් කරන කාර්යය ඉතා විශාලයි. දවසේ පැය 24 පුරාම විකාශනය වන නාලිකා රටේ පමණක් නොව මුලු විශ්වයම අද විශ්ව ගම්මානයක් වී තිබේ. ජන මාධ්‍ය තුළින් සිදු වන සේවය ගැන සලකා බැලීමේ දී අපට පුවත්පත් තුළින් සිදුවන සේවය ද අගය කළ යුතුයි. ඒ තුළින් ද අද රූපවාහිනියට නොදෙවෙනි කාර්යයක් සිදු කරනු ලබයි. දැනුම, විනෝදය,  රසාස්වාදයට මෙය මහත් රුකුලක් වී ඇත. එසේම ගුවන් විදුලිය තුළින් ද විශේෂ සේවයක් සිදු කරනු ලබයි. 

                      කාසියක දෙපැත්තක සේ අපට ජන මාධ්‍ය තුළින් සිදු වන  දෑ ද  යහපත් සේම අයහපත් පැතිකඩ ඔස්සේ විග්‍රහ කළ හැකිය. නූතන සමාජයේ රූපවාහිනිය තුළින් සිදු වන අයහපත් සිදුවීම් බොහෝයි. 
             
                          "සුළං කවුළුව හැර සුළං විදිමු. එහෙත් අප සතු දෑ ගසා යන්නට ඉඩ නොතබමු."

 උදෑසන පාසලට යන දරුවා පාසලින් නිවසට පැමිණි මොහොතේ සිට රෑ ගොම්මන් වන තුරු  කාඩ්බෝඩ්  වීරයන් වන සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, වැනි කාටූන් බලමින් කාලය අපතේ හරිනු ලබයි.  එසේම විකාශනය වන ටෙලි නාට්‍ය සමාජ පිළලයක් බවට පත් වී  තිබේ. කිසිම හරයක් නැති කාමුක හින්දි චිත්‍රපට අද වන විට රටේ ජීවනාලිය බදු වූ තරුණ පරපුර විනාශ කර අවසන්ය. ඔවුන් එය නරඔා ඒ අනුව කටයුතු කිරීමට ද පෙළඔ  ඇති  විශේෂයෙන්ම මෙහිදී ජන මාධ්‍ය හරහා  ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් හා මාධ්‍යවේදීන් හසුරුවන භාෂාව  ලියන වාර්තා ඉතා පරිහානි  තත්ත්වයට පත් වී හමාරයි. වැඩසටහන්  ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් කටට එන වචන පිට කරමින් වැඩසටහන් ඉදිරිපත් කරන ලබති.  භාෂා විකෘති කරමින් නිවේදනය කරනු ලබයි. රටට මහත් ඛේදවාචකයක්  උද්ගත වී තිබේ. එසේම පුවත්පත තුළින් ද එබදුම ආකාරයෙන් වියරණ දෝෂ සහිත  පුවත්පත් ඉදිරිපත් කරනු ලබයි. 
          එසේම දොරමඩලාව වැනි සාරවත් හරවත් වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන්නේ රෑ දහයෙන් පසුවයි.  ඒ වන විට රටේ  ජීවනාලිය බදු වූ  අනාගත පරපුර නිනදේ පසුවෙයි.  මෙය වූ කලී   අද්‍යතන ජන මාධ්‍ය තුළින් සිදුවන විනාශකාරී ස්වභාවය අද වන විට රූපවාහිනිය   
           "උණු නිසා බොන්නත් බෑ කිරි නිසා විසි කරන්නත් බැරි" තත්ත්වයකට පත් වී ඇත. 
           "අශ්වයා ගියාට පසුව ඉස්තලය වැසීමෙන් ඵලක් නෑ"
   කියන්නක් මෙන් රටේ විනාශයට අත වනන වැඩසටහන්  ද පුවත්පත්  වාර්තා ද වැරදි  නිවැරදි කරගත  යුතුය. ඒ සදහා වගකිව යුතු  සියලු දෙනා යුහුසුළු විය යුතුය.  
සදාචාරයක්  නොමැති අධ්‍යාපනය අපරාධ කිරීමට නපුරු ආයුධයකි. 
       ඒ අනුව අප සියලු දෙනා එක්ව රටට ජාතියට වැදගත් වන  වැඩසටහන් ද අර්ථවත් ලෙස නිවැරදි ලෙස භාෂාව හැසිරවීමට ද උත්සුක විය යුතුය. එසේ  වූ කළ නූතන  ජන මාධ්‍යයෙන් සිදුවන සේවය වඩාත් අර්ථවත් හරවත් රසවත් වනු නොඅනුමානයි. ...

No comments:

Post a Comment